Gossips

එංගලන්ත පිතිකරුවන් දණ ගැස්සූ ඉන්දීය දඟයා වර්තා පොත් අතරට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී ඊයේ (12) පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 268ක් රැස් කළා.
එහිදී ඉන්දියාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක් නිරත වූ කුල්දීප් යාදව් ලකුණු 25ට එංගලන්ත කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුණා.
යාදව්ගේ එම පන්දු යැවීම එංගලන්තයේදී ඕනෑම පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම වන අතර එක්දින පිටියේ වමත් දඟ පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීම ලෙසත් වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.
එංගලන්තයේ සංචාරය කළ කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටිනවා.
මේ අතර ලකුණු 269ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 269ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නොදැවී ලකුනු 137ක් රැස්කළ අතර නායක විරාත් කොලි ලකුණු 75ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.