Gossips

එංගලන්ත පාපන්දු සමාජයක තායි හිමිකරුගේ හෙලිකොප්ටරය කඩා වැටේ

එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානය එම ක්‍රීඩාංගණය අසළ දී කඩා වැටී ගිනිගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු තරඟයකින් අනතුරුව මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, තායි හිමිකරු හෙලිකොප්ටරයේ සිටියේ ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
කෙසේ නමුත්, තරඟයක් නිමාවේ ඔහු එය භාවිත කරන බවයි වාර්තා වන්නේ.
තායිලන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයක් හිමි ස්රිවද්ධනප්‍රභා 2010 වසරේදී ලෙස්ටර් – සිටි පාපන්දු සමාජය මිලදී ගත්තේ ඩොලර් මිලියන 57කටයි.
ඉන් අනතුරුව එය එංගලන්තයේ පළමු පෙළ පාපන්දු සමාජයක් ලෙස තත්ත්වයෙන් ඉහළ නංවනු ලැබුවා.
ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවේ 388 වැන්නා වන මෙම තායි ව්‍යාපාරිකයාගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 5කට ආසන්නයි. එය රුපියල් කෝටි 87,500කට සමාන මුදලක්.