Gossips

එංගලන්ත තරඟය, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂයයි – චන්දිමාල්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සාර්ථකව අවසන් කළහොත් එය විශාල හැරවුමක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
තරඟාවලිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟ 05ක්, ටෙස්ට් තරඟ 03 ක් සහ විස්සයි විස්ස තරඟයක් පැවැත්වෙන අතර, එහි පළමු එක්දින තරඟය ලබන 10 වනදා දඹුල්ලේදී ආරම්භවීමට නියමිතයි.