Gossips

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් – සංගක්කාර

එංගලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.
එංගලන්තය සමඟ තරඟ 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමියි.
වර්තමාන එංගලන්ත කණ්ඩායම හොදම තුන් ඉරියව් දක්ෂතාවයන් ගෙන් හෙඹි කණ්ඩායම බවයි සංගක්කාර වැඩිදුරටත් පවසන්නේ.
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ පාලනය තමන් සතු කර ගැනීමට නම් හොදින් දක්ෂතා අතරට පැමිණිය යුතු බව ඔහු සදහන් කර සිටිනවා.
මේ වසරේදී එංගලන්ත කණ්ඩායම පාකිස්ථානය සහ ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලි ජය ගැනීමට සමත්වූ බවද සංගක්කාර එහිදී මතක්කර සිටිනවා.
"මම හිතන්නේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වේවි. එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට වෙනස් වීමේ හැකියාව තියනවා වගේම ඔවුන් සතුව හොද පිතිකරණ බල ඇණියක් තියනවා. එය අංක 10 දක්වාම විහිදෙනවා. ඔවුන් කිසිදු අවස්ථාවක කණ්ඩායමේ පිතිකරණ අංශය වෙනස් කිරීමක් සිදුකරලා නැහැ. එංගලන්ත කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරඟාවලිය මෙය. ඔහු ඉවත්වීමෙන් සිදුවූ පුරප්පාඩුව පිරවීමට එතනට එන්නේ නවක ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවට එය හොද අවස්ථාවක්"
"ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඕනෑම කණ්ඩායමක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි දඟ පන්දු යවන්නන්. එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නාට වඩා හොදින් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවුවහොත් එය තීරණාත්මක සාධකයක් වනවා."
"එංගලන්ත දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට අදිල් රෂිඩ් සහ මොඊන් අලී සිටිනවා. විශේෂයෙන් අදීල් රෂිඩ් ශ්‍රී ලංකාවේ තණ තීරුවල දක්ෂතාවයන් දක්වනු ඇති. එත් ශ්‍රී ලංකා පිතිකරුවන් සහ රංගන හේරත් මත වැඩි වගකීමක් තිබෙනවා. පළමු ඉනිමේදී වැඩි වාසි අත්කර ගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම බවයි සංගක්කාර සදහන් කර සිටියේ.