Gossips

එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

1990 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට එංගලන්තය අද සමත් වුණා.
ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වන තරගයේදී ස්වීඩන් කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්.
හැරී මැගුඅර් 30 වන මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමග තරගයේ පෙරමුණ ගත් එංගලන්ත ක්‍රීඩකයන් පළමු අර්ධය අවසන් වන විටත් එම වාසිය රඳවා ගන්නට සමත් වුණා.
ඔවුන් තරගයේ ජය තහවුරු කර ගත්තේ 59 වන මිනිත්තුවේදී ඩේලි එලී වාර්තා කළ ගෝලයත් සමගයි.
1966 වසරේ පාපන්දු ලෝක කුසලනයටද හිමිකම් කියූ එංගලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසුණු 3 වන අවස්ථාව මෙයයි.