ශ්‍රී ලංකාව සමග දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 31 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 278 ක්.
නායක ඔයින් මෝගන් එහිදී ලකුණු 92 ක් රැස් කල අතර ජෝ රූට් ලකුණු 71 ක් ලබා ගත්තා.
ලසිත් මාලිංග නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 44 කට කඩුලූ 5 ක් බිද හෙලූවා.
ඒ අනුව මාලිංග ජාත්‍යන්තර පිටියේ බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 502 දක්වා ඉහළ ගියා.
ඔහු මේ වනවිට එක්දින කඩුලූ 316 ක්, ටෙස්ට් කඩුලූ 101 ක් සහ විස්සයි විස්ස කඩුලූ 90 ක් දවාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 කදී, කඩුලූ 5 කට ලකුණු 140 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුවයි, ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ජයග්‍රහණය තීරණය කෙරුණේ.
