Gossips

එංගලන්තයට ලකුණු 151 ඉලක්කයක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 151 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 21 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා.
සධීර සමරවික්‍රම ලකුණු 35 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 36 ක් ලබාගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි.
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතවු තරගය ආරම්භ කෙරුනේ රාත්‍රී 8.15 ටයි.
අයහපත් කාලගුණයෙන් එල්ලවූ බාධාව හමුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 21 බැගින් ලබාදී තරගය පැවැත්වීමට තීරණය කෙරුනා.
පන්දු යැවීමේදී අඩිල් රෂීඩ් කඩුලු 4 ක් සහ ටොම් කරන් කඩුලු 3 ක් බිඳහෙලුවා.
එංගලන්ත පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.