Gossips

එංගලන්තයට දෙවන තැන

ශ්‍රී ලංකාව පරදවා තුනට බිංදුවක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත් එංගලන්තය අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
තරගාවලි ආරම්භයේදී දකුණු අප්‍රිකාවට පහළින් 3 වන ස්ථානය හිමි කරගෙන සිටි එංගලන්තය දැන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 108ක් හිමි කර ගනිමින්.
ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.
එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙර ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ පාකිස්තානයට පහළින් 7 වන ස්ථානයයි.