Gossips

ඌව මහ ඇමතිට එරෙහිව ගුරු සංගමයක් ශ්‍රේෂ්ඨාධිකරණයට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය තුළින් සිදුවූ මූලික අයිතිවාසිකම් කඩවීමට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිළි කළ එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකට යළිත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට කටයුතු කර ඇති බවත් විදුහල්පතිනියට සාධාරණයක් ඉටු වී නොමැති බවත් ප්‍රකාශ කළා.
ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළා.