Gossips

ඌව මහඇමති, විදුහල්පතිනියගෙන් රු මිලියන 500ක් ඉල්ලයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඔහු විසින් දණගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ආර්. භවානිගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා එන්තර වාසියක් යොමුකර තිබෙනවා.
තම කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ලෙස අදාළ මුදල ඉල්ලා මෙලෙස එන්තර වාසියක් යොමු කළ බවයි ප්‍රධාන අමාත්‍යවරයාගේ නීතිඥ සුජීව ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ප්‍රධාන අමාත්‍යවරයා විසින් අදාළ විදුහල්පතිනිය දණ ගැස්වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම් කොමිසම හමුවේ විමර්ශනයක් ද සිදුකෙරෙනවා.
කෙසේ වෙතත්, අදාළ විමර්ශනය සිදුකෙරෙන අතරතුර මෙවැනි එන්තර වාසියක් විදුහල්පතිනිය වෙත යොමු කිරීම, ඇයට කළ බලපෑමක් බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රකාශ කළේ.