Gossips

ඌව මහඇමතිට අධ්‍යාපන ඇමතිකම යළිත්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් නොවී තිබියදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම පිළිබඳව ගුරු සංගම් විරෝධය පළ කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මෙතෙක් අවසන් වී නොමැතිව තිබියදී ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම සදාචාර සම්පන්න නොවන බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මසකට පමණ පෙර පළාත් ආණ්ඩුකාරවරයා තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය යළි ලබාදුන් බවයි.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා ඇයට බැණ දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.