Gossips

ඌව පළාතේ සෞඛ්‍ය අංශ කිහිපයක් වැඩ වර්ජනයේ

ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, සෞඛ්‍ය රියදුරුවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවයේ නියතු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (22) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ පසුගිය වසරේ (2018) ජූලි මස සිට මේ දක්වා ගෙවිය යුතු ගමන් වියදම් නොගෙවීමට විරෝධතාව පලකරමින්.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති සාගර නන්දික ගුණසේකර කියා සිටියේ මෙම සියලු අංශ වල නිලධාරීන් ඊයේ (22) දිනයේදී අසනීප නිවාඩු දමා සිය රාජකාරි කටයුතු වලින් බැහැරව සිටි බවයි.
අද (23) දිනයේ සිට සිය ඉල්ලීම ඉටුවන තෙක් සියලුම ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් බැහැරව සිටින බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඌව පළාතේ හැරෙන්නට දිවයිනේ සෙසු සියලුම පළාත්වල මෙම අංශයන් හි සේවයේ නියතු නිලධාරීන්ට ගෙවිය යුතු ගමන් වියදම් ගෙවා ඇති බවද බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියා.