අද පැවැති ඌව පළාත් සභාවේ මාසික සභා වාරයේදී එක්සත් ජාතිත පක්ෂ මන්ත්‍රිවරුන් සභාවෙන් ඉවත්ව යාමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි, සභාපති පුටුවේ අසුන් ගෙන සභා කටයුතු ආරම්භ කිරීම හේතුවෙන්.
පසුගිය මස 25 වනදා ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාවක් භාරදෙනු ලැබුවා.
අද එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබියදී පළාත් සභාවේ සභාපතිවරයා නොමැතිවීම හේතුවෙන් සභාවේ කටයුතු පවත්වා ගෙන යාමට පැවරි තිබුණේ නියෝජ්‍ය සභාපතිවරයාටයි.
