Gossips

ඌව පළාත් සභාවේ රු. කෝටි 89ක පරිපූරකයක්

ඌව පළාත් සභාවේ රුපියල් 89 කෝටි 21 ලක්ෂ 24,560 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පැවැති මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද මැද සම්මත වුණා.
පසුගිය 22 වනදා පැවති මාසික රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවා.
එහෙත් එය සම්මත කිරීම ප්‍රතික්ෂේප කිරීමටයි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තීරණය කළේ.
ඊයේ පැවති ඡුන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් පරිපූරක ඇස්තමේන්තුව අනුමත කළා.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබෙන් ඉවතට ගොස් සිටි අතර, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.