ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදල් වංචාසහගත ලෙස ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බදුල්ල ප්රදේශයේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, මෙම මුදල් වංචා කිරීම සඳහා පළාත් සභාවේ රියදුරන් දෙදෙනෙකු ද එක්ව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
පාසල්වල මුරකරු, පුස්තකාල සහයක සහ කම්කරු යන සේවා සඳහා පත්වීම් ලබාදෙන බවට පවසමිනුයි සැකකරු මුදල් ලබාගෙන ඇත්තේ.