Gossips

ඌව, නැගෙනහිර, ප්‍රදේශවලට අදත් වැසි

අද දිනයේත් ඌව නැගෙනහිර පළාත් මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, මධ්‍යම, ඌව, නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක වැසි ඇතිවිය හැකි බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර පුත්තලම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.