Gossips

ඌවේ වෛද්‍ය වර්ජනය අවසන්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් දින 3ක් තිස්සේ ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන අවසන් කෙරුණා.
ඒ සඳහා විසදුමකට එළඹුණේ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් නියෝජිතයන් අතර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් ලිපියක් ද නිකුත් කර තිබෙනවා.