Politics Sri Lanka

ඌවේ මහ ඇමති දණ ගැස්සවූ ගුරුවරියගෙනුත් මිලිනය 500ක් ඉල්ලයි

ඌවේ මහ ඇමති දණ ගැස්සවූ ගුරුවරියගෙනුත් මිලිනය 500ක් ඉල්ලයි

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ මහා විදුහලේ විදුහල්පතිනියට එරෙහිව නඩු පවරන බවට එන්තරාවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

තමන් විසින් විදුහල්පතිනිය දණ ගැස්වූයේ යයි පවසමින් තම කීර්ති නාමයට කළ අපහාසය වෙනුවෙන් රුපියල් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් දෙසතියක කාලයක් ඇතුලත ගෙවන්නැයි මහ ඇමතිවරයා විසින් නීතීඥයන් මාර්ගයෙන් එන්තර්වාසියක් යවමින් දැනුම් දී ඇතැ වාර්තා වේ.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එම එන්තර්වාසිය මගින් දන්වා ඇත.

ඌවේ මහ ඇමතිවරයා විසින් මෙම විදුහල්පතිනයව තමන් ඉදිරියේ දණ ගැස්සවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම ඉදිරියේද විභාගයක් පැවැත්වෙමින් පවතින අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අධීක්ෂණ කාර්ක සභාවේද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුවක් මගින්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මහ ඇමතිවරයා මෙම සිදුවීම පදනම් කරගෙනම, මෙම ගුරුවරියට මහ ඇමතිවරයා ඉදිරියේ මුහුණ දීමට සිදු වූ තත්වය සම්බන්ඡයෙන් පළමු වරට මාධ්‍ය ඔස්සේ අනාවරණය කළ ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාටද රුපියල් මිලියන 500ක් ඉල්ලා මීට පෙර එන්තර් වාසියක් යොමු කර තිබූ නමුත් එම එන්තර්වාසියෙන්ම මහ ඇමතිවරයාම වගඋත්තර කරු කරමින් එ නැවත ඔහු වෙතම යැවීමට සමන්ත විද්‍යාරත්න මහතා කටයුතු කර තිබිණි.