Gossips

ඌවේ මහඇමතිට එරෙහිව තවත් පිරිසක් මානව හිමිකම් කොමිසමට

විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් තමන්ට තර්ජනය කොට පහරදීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධාධිරී සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසනවා.
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී තමන්ට බැන වැදී පහරදීමට උත්සාහ කළ බවයි උන්වහන්සේ චෝදනා කළේ.
ඒ තුළින් තම මානව හිමිකම් කඩ වී ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.
කෙසේ වෙතත්, අද (06) දින තමන් මානව හිමිකම් කොමිසමට ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධාධිරී සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.