දණගැස්වීමේ සිද්ධියට අදාළව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී තමන්ට තර්ජන එල්ල වන බව බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ආර්. බවානි ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ද එක්ව සිටියා.
එහිදී ඔහු කියා සිටියේ විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට බලාපොරොත්තු වන බවයි.
