පළාත් සභාවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලූදෙනා රුසියාවේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබූ අතර, එම සංචාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයෙන් නතර කර ඇති බව ඌව පළාත් සභාවේ සභානායක මේජර් සුදර්ශන් දෙණිපිටිය ප්‍රකාශ කළා.
පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම මේ මස අගදී රුසියාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනය කිරීමේ සංචාරයක් සැළසුම් කර තිබූ අතර, පළාත් සභාව මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම සංචාරයට එක් නොවීමට ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනා කටයුතු කර තිබුණා.
මෙම සංචාරය සඳහා මාර්ග අමාත්‍යවරයා ඇතුලූ නිලධාරින් කිහිපදෙනෙකු පමණ යොදවන ලෙසයි පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ.
