Gossips

ඌවේ ප්‍රධාන ඇමතිට විරෝධයක්

ඌව පළාතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් සාමාජිකයින් වැඩ වර්ජනයකට එළඹීමට සැරසෙනවා.
ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි එම සංගමයේ සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමට විරෝධය දක්වමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයට එළඹීම පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ.
දෙමෝදර දිසා රෝහල මධ්‍යයෙන් මාර්ගයක් ඉදිකිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳව අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කළ බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා එල්ල කරන්නේ.
කෙසේ වෙතත්, එම සංගමය සඳහන් කළේ අදාළ සිදුවීම පිළිබඳව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් සමාව ගත යුතු බවයි.