Gossips

ඌවපරණගම ගල් ගුහාවක පුද්ගල මළ සිරුරක්

ඌවපරණගම – ගලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා 55 හැවිරිදි මාස්පත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු වසර 10 ක පමණ කාලයක සිට මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සිරුර ආසන්නයේ තිබී හිස් වස බෝතලයක් සහ මත්පැන් බෝතලයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.