Gossips

ඌරුබොක්කේ අනතුරකින් 03 දෙනෙකු මරුට (ඡායාරූප)

මාතර – ඌරුබොක්ක – රොටුඹ – දාබෝගල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පස්ගොඩ සිට බෙංගමුව දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු 34, 50 සහ 53 වයස්වල පසුවන පස්ගොඩ, බෙංගමුව සහ හඳුගල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ද බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල – කන්දකපාපු හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ලොරි රථයක ගැටී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි කිරාන්කුලම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

(ඡායාරූප – ජයන්ත නානායක්කාර )