මාතර ඌරුබොක්ක – මැකිලියතැන්න – උමංදොල ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමේදි මොවුන් කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 22ත් 53ත් අතර වයස්වල පසුවන ඌරුබොක්ක ප්‍රදේශයේම පදිංචිකරුවන්.
