Gossips

ඌරගහ – කොරකේනේ නිවසකින් මළ සිරුරක් හමුවේ

ඌරගහ – කොරකේන ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ, අද (13) අලුයම පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදියි.
මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය කියා සිටියේ.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නිවසේ ගබඩා කර ඇති කුරුඳු සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.