Gossips

ඌරගස්මංහන්දියේ ද්විත්ව ඝාතනයේ හේතුව හෙළිවෙයි

ඌරගස්මංහන්දිය – ඉහළමාලවල – රන්තොටුවිල ප්‍රදේශයේ දී නිවසක් තුල ඊයේ (30) රාත්‍රියේ සිදුවූ ද්විත්ව ඝාතනය කලක සිට පැවති ආරවුලක් බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ සැකකරුවන් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.
ඊයේ රාත්‍රියේ පැමිණි කිසියම් පිරිසක් මොවුන්ට වෙඩි තබා පසුව මොවුන්ට තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
අවුරුදු 27ක් සහ 37ක් වයසැති ඥාති පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වුණා.
ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පුද්ගලයාගේ හිස ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරින් වූ මාර්ගයක තිබී සොයාගෙන ඇති අතර ඔහුද මීට පෙර පුද්ගලයෙකු ඝතනය කර එම සිරුරේ හිස මෙවැනිම ආකාරයට මාර්ගයක ගෙනවිත් තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.