Gossips

ඌනා මැකෝලිගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලිගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් වෙත මෙලෙස ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ තැනැත්තියක් බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමාජීය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කළ තැනැත්තියක් ලෙස ද ජනාධිපතිවරයා ඌනා මැකෝලි හදුන්වා දී තිබෙනවා.
මේ අතර, ඌනා මැකෝලිගේ මෙහෙවරට සිය ප්‍රණාමය පුද කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.