Gossips

උස පැනීමේ ශූර මංජුල, පොදුරද මඩුළු අවසන් තරඟයට

ඕස්ට්‍රේ‍ලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ පිරිමි ඉසව්වේ අවසන් තරඟය සුදුසුකම් ලැබීමට උස පැනීමේ ශූර මංජුල කුමාර අද (09) සමත් වුණා.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2.21ක් වන අතර, අවසන් තරඟය අනිද්දා (11) පැවැත්වෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ බොක්සිං තරඟ ඉසව්වට සහභාගි වූ ඉෂාන් බණ්ඩාර ජය ගත්තේ නාවුරු දේශයේ ක්‍රීඩක යචීන් කුක් පරාජයට පත් කරමින්.
මේ අතර, බී කාණ්ඩය යටතේ බීච් වොලිබොල් තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වට දෙකට බින්දුවක් ලෙස සියාරා ලියොන් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.