Gossips

උසේන් බෝල්ට් පාපන්දුව තෝරා ගනී

මළල ක්‍රීඩාවෙන් මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ඔලිම්පික් පදක්කම් ලාභී උසේන් බෝල්ට් ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කෝස්ට් මැරයිනස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ නියෝජිතයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ බෝල්ට්, තම සංගමයට ක්‍රීඩා කිරීමට ප්‍රතිපත්තිමය වශයන් එකඟතාව පළ කර ඇති බවයි.
පසුගිය වසරේදි මළල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් හුසේන් බෝල්ට් වෘත්තිය පාපන්දු ක්‍රීඩකයෙකු වීමට ඇති කැමැත්ත මත, තමන් පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වන බව මීට පෙර ප්‍රකාශ කළා.