ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව අනුව සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියට පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අයදුම්පතක් යොමු කිරීමට හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද තීරණය කළා.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා නැවත මාළඹේ සයිටම් ආයතනය පිහිටුවීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
කෙසේ වෙතත්, මාළඹේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට අද පස්වරුවේ රැස්වූ වෛද්‍ය සභාව තීරණය කළා.