Gossips

උසාවියෙන් පැන්න හොරු දෙන්නා අල්ලන්න දිව ගිය විනිසුරුවරයා

නඩුවක් විභාග කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු උසාවිය තුලට රැඟෙන ආ අවස්ථාවේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහිදී ආරක්ෂක අංශ විසින් දෑත් විලංගු දැමූ සැකකරුවන් අධිකරණ ශාලාව වෙත රැඟෙනවිත් එහි හිඳුවා යනවා.
කෙසේ වෙතත් ඇසිල්ලකින් ලද ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගත් සැකකරුවන් දෙදෙනා ඉන් පැන දිව යන අයුරු එහි සවිකර ඇති CCTV කැමරාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් කලයුතු හොඳම දේ ඔවුන් අල්ලාගැනීම බවට තීරණය කළ විනිසුරුවරයා ද සියල්ල පසෙක ලා තම කබායද ගලවා දමා ඔවුන් පසුපස පන්නා යන අයුරු එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් මද දුරක් ඇතුලත පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු අල්ලාගැනීමට විනිසුරුවරයා සමත්වනවා.
අදාළ විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අනෙක් සැකකරුද ආරක්ෂක අංශ විසින් සුළු මොහොතකට පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින්.
rn