Gossips

උසස් පෙළ සිසුන් පහරදී ආණමඩුවේ ගුරුවරයෙකු රෝහලේ

උසස් පෙළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ ආණමඩුවේ ප්‍රසිද්ධ පාසලක තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු මේ වනවිට ආනමඩුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අද පෙරවරුවේ පන්ති කාමරයේ උගන්වමින් සිටියදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙනයි සිසුන් ගුරුවරයාට පහරදී ඇත්තේ.
කෙසේ වෙතත් ගුරුවරයා පහරදුන් බව පවසමින් සිසුන් දෙදෙනෙකුද රෝහල්ගත වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
ගුරුවරයාගේ සිරුර පුරා තැලීම් දක්නට ලැබෙන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.