Gossips

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

එක ඒ බී කාණ්ඩයේ සියලූම පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළවී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශයද එකඟතාව පළ කර ඇති බවයි.
එක ඒ බී කාණ්ඩයේ පාසල්වල උසස්පෙළ හදාරණ සිසුන් ඉලක්ක කරගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මාස 3 කට පසුව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූම උසස් පෙළ දරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.