Gossips

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට අදාළව මේ මස 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සැප්තැම්බර් මස පළවැනිදා දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.
එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අගෝස්තු මස පළවනදා සිට අගෝස්තු මස 5 දක්වා පන්ති පැවැත්වීම තහනම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උපකාරක පන්ති පැවැත්වීමට අමතරව, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද ඒ අනුව තහනම් වනු ඇති.