Gossips

උසස් පෙළ විභාගය අද අාරම්භ වෙයි

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි එක්දහස් හාරසීය හැට නව දෙනෙකු (321469) පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට විභාගය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විභාගය පැවැත්වීමට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිතයි.
අයදුම්කරුවන්ට අධිතාක්ෂණ අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ රැගෙන යාම තහනම් වන අතර, ජංගම දුරකථන මගින් සිදුකෙරෙන විභාග වංචා නතර කිරීම සඳහා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකථන සංඥා අවහිර කිරීමට ද කටයුතු කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.
මේ අතර, අදින් ආරම්භ කෙරෙන උසස් පෙළ විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.