Gossips

උසස් පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ අදින් (23) පසුව ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව මෙතෙක් අයදුම්පත් යොමු නොකළ පාසල් අයදුම්කරුවන්ගේ සිය අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් යොමුකළ යුතු වනවා.
එමෙන්ම, පෞද්ගලික අයදුම්කරුවන් සිය අයදුම්පත් පෞද්ගලිකවම යොමුකළ යුතු බවටයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.