Gossips

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලට පාසල් 37 ක් වැසේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියරේ කටයුතු හේතුවෙන් පාසල් 37 ක් වසා තැබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට සැප්තැම්බර් මස 5 වනදා දක්වා සිදු කෙරෙනු ඇති.
ඊට ඇගයීම් මණ්ඩල 527 ක් යටතේ ගුරුවරු්න 8432 ක් සහභාගී වීමට නියමිතයි.
ඒ සඳහා වසා තැබෙන පාසල් 37 තුන්වන පාසල් වාරය සඳහා ලබන සැප්තැම්බර් මස 6 වන දින යළි ආරම්භ වීමට නියමිතයි.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම ඇගයීම් කටයුතු ලබන 15 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ඊට ඇගයීම් මණ්ඩල 428 ක් යටතේ ගුරුවරුන් 6848 ක් සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.