Gossips

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම්

ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක් පිළිබඳ අනාවරණ වී තිබෙනවා.
ළමයින් 16 ලක්ෂයකට පමණ මේ නිසා එම විභාගයට යළි පෙනී සිටීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පිටවූ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න විභාගයට පෙර ‘ WhatsApp ’ මාර්ගයෙන් හුවමාරු කරගෙන ඇති බව ද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පුද්ගලයන් තිස් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.
පාසල් සිසුන් මෙන්ම පෞද්ගලික පන්ති පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් ද මෙලෙස ප්‍රශ්න කර තිබෙනවා.