Gossips

උසස් පෙළ නැවත සමීක්ෂණ කටයුතු අදින් අවසන්

2018 උසස් පෙළ නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.
ඒ අනුව අදාළ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා කඩ ඉම් ලකුණු ලබාදීමට හැකි වනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා.
2017 වසරේ පැවති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලයට තෝරා ගන්නා කඩඉම් ලකුණු පසුගිය වසරේ ජුනි මාසයේදී නිකුත් කළ නමුත්, මෙම වසරේදී ඊට පෙර කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රකාශ කළේ.