Gossips

උසස් පෙළ නැවත සමීක්ෂණ අන්තර්ජාලයට

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.
මේ අතර, 2018 කොරියානු භාෂා විභාගය සමත් රැකියා අපේක්ෂිතයන් සඳහා වන නිපුණතා පරීක්ෂණය මේ මස 16 සහ 17 දෙදින තුළ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරීක්ෂණයෙන් 546 දෙනෙකු සමත් වී ඇති බවයි.
ඔවුන් සඳහා මෙම පරීක්ෂණය පැවැත්වෙන අතර ඔවුන්ගේ කුසලතා පරීක්ෂණය මේ මස 26 සහ 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම 2018 වර්ෂයට අදාළව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉල්ලූම්කරුවන් සඳහා භාෂා පරීක්ෂණ දිනයන්, වේලාවන් සහ මධ්‍යස්ථාන පිළිබද විස්තර මැයි මස 14 වන දින www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ පළ කරනු ලබනවා.
නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පරීක්ෂණ මේ මස 21 වන දා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.