Gossips

උසස් පෙළ දැරියක් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරුන් යළි රිමාන්ඩ්

මොණරාගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ දැරියක් අපයෝජනය කර එම දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින පෞද්ගලික උපකාරක පති ගුරුවරුන් දෙදෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකරුවන් අධිකරණ භූමියට රැගෙන එන අවස්ථාවේ ප්‍රදේශයේ ජනතාව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය අසළ නිහඩ විරෝධතාවක ද නිරතවූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන්කළේ.