Gossips

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ලබන 23 වනදින හෝ ඊට පෙර යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළේ.
එදිනට පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර, කිසිදු හේතුවක් මත ඒවා භාර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.