Gossips

උසස් අධ්‍යාපනය සඳහා වූ තත්තව ආරක්ෂණ ජාත්‍යන්තර ජාලයේ ද්විවාර්ෂික සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලයේ 15 වන ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ දෙවන දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (26) ඇරඹුණා.
‘‘තත්ත්ව ආරක්ෂණය, යෝග්‍යතා හා පිළිගැනීම ගෝලීයකරණය වූ ලෝකය තුළ විශ්වාසය නංවාලීම’’ යන තේමාව යටතේ ඊයේ ආරම්භ කෙරුණු මෙම සම්මන්ත්‍රණය අනිද්දා දක්වා කොළඹ – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව එය සංවිධාන කරන අතර, ඊට රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විශේෂ නියෝජිතයින් එක්ව සිටිනවා.