පසුගිය වසර 4 ක කාලය ඉතිහාසයේ උෂ්ණාධිකම කාලසීමාව ලෙස ඉතිහාස ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එම වසර 4 තුළත් වැඩිම උෂ්ණත්වයක් සහිත වසර ලෙස 2018 වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
මේ හේතුවෙන් ඉදිරියේදී සුළි සුළං, නියඟය සහ ගංවතුර වැනි කාලගුණ විපර්යාස රැසක් සිදුවිය හැකි බව ද ජගත් සංවිධානය අනතුරු අඟවනවා.
