ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, හිරු TV නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8ට විකාශය වන උරුමයක අරගලය, හෙළ වීරකාව්‍ය කතාංගයේ 200වන කතාංගය සැපිරීම නිමිත්තෙන් මහා සංඝ රත්නය උදෙසා පවත්වනු ලබන දානමය පින්කමක් ඊයේ (06) කොලොන්නාව රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණා.
