විධිමත් භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සහ එහි නිර්දේශ මත ක්‍රියාත්මක වීම හේතුවෙන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ යළි කිසිදු අයුරකින් පාරිසරික තර්ජන මතු නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන වේලි දෙකක්, භූගත විදුලි උත්පාදන මධ්‍යස්ථානයක් හා එම ස්ථාන සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 15 ක දිගින් යුතු උමං පද්ධතියක් ඉදිකරන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පසුගිය කාලයේ පාරිසරික ගැටළු මතුවුණා.
එම තත්ත්වය සමනය කිරීම සඳහා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කිරීමේ මූලික වගකීම පැවරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටයි.
එම භූ විද්‍යාත්මක අධ්‍යයන සම්මේලනයේ සභාපති ආචාර්ය ජගත් ගුණතිලක පේරාදෙණිය සරසවියේ පැවති මාධ්‍ය හමුවකදී උමා ඔය පිළිබඳ ඉදිරි තත්වය පැහැදිළි කරමින් කියා සිටියේ ගැටළුවලට විසඳුම් ලබාදෙමින් ව්‍යාපෘතිය ඉදිරියට මේ වනවිට ක්‍රියාත්මක බවයි.
