Gossips

උමා ඔය ඉදිකිරීම් අගොස්තු වන විට අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොටදී පැවති ග්‍රාම ශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමින්.
ග්‍රාම ශක්ති වැඩසටහනේ දකුණු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජනාධිපතිවරයා තමන්ට ඉදිරිපත් කර තිබූ වාර්තා සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණයක් එල්ල කළා.
මේ අතර, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ එහි නීරක්ෂණ චාරිකාවකට එක්වුණා.
එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ උමා ඔය ඉදිකිරීම් කටයුතු අගොස්තු මාසය වන විට අවසන් කරන ලෙසයි.