Politics Sri Lanka

උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට

උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියෙන් අතිවිශාල දේපළ හානියකට පත්ව සිටින ජනතාවට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා පාළාත් බද මහාධිකරණයේ පවරා තිබෙන නුව අද (12) විභාග කෙරිණි.

මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය මහතා ඉදිරියේ එය විභාග කළ අතර පැමිණිලි කාර පාර්ශවයේ වසන්ත සංජීව, බෝධිපාල සහ සමන්ත විද්‍යාරත්න යන බහුජන සංවිධානයේ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති නීතී විජය තෙන්නකෝන් මහතා පෙනීසිටියේය.

උමා ඔය විනාශයෙන් පවුල් 7500කට ආසන්න පිරිසක් අන්ත අසරණ වී ඇති අතර ඔවුන් වෙත විනාශය ගෙන ආ මහින්ද රාජපක්ෂ මහතාගේ පොදුජන පෙරමුණ පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව සහ නගර සභාව දිනවා තිබිණි. ජනතාව විපතට පත් කළ මූලික වගකිවයුත්තන් දිනවා විපතට පත් ජනතාව වෙනුවෙන් අතිමහත් කැපකිරීම් කරමින් අරගල උද්ඝෝෂණ හා හර්තාල් ආදී ක්‍රියාමාර්ග 39ක් සිදු කරමින් වන්දි ලබාදීමට ක්‍රියා කළ පිරිස එක්වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කරාමය ලකුණින් ඡන්දයට ඉදිරිපත් වූ කණ්ඩායම තුන්වෙනි තැනට හෙලා පරාජයවිය.

මෙසේ තිබියදීත් අසරණ, අනාථ ජනතාව වෙනුවෙන් පළාත් බද මහාධිකරණයේ සිව්වන වරටත් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුව වාර් 42ක් විභාග කර තිබිණි. එය මාර්තු 27වනදා නැවත කැඳවන අතර මහාධිකරණයේ නඩු විභාගය ලබන ප්‍රේල් 26 වෙනිදාට කල් තබා තිබේ. රජයේ නීතීඥයන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ හානියට පත් වූවන්ට වන්දි ගෙවා අවසන් බවය. නමුත් එය සාවද්‍ය ප්‍රකාශයක් බවට අධිකරනයට කරුණු පවසමින් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතීඥ විජය නෙරංජන් මහතා පැයක් පමණ වේලාවක් තර්ක කර තිබිණි.