Gossips

උමාර් සහ වහාබ් පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට නැහැ

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සිය සංචිතය නම් කිරීමට පෙර පාකිස්තානය ක්‍රීඩකයන් 23 දෙනෙකු කායික යෝග්‍යතා පරීක්ෂණ සඳහා කැදවා තිබෙනවා.
ඔවුන් අප්‍රේල් 15 වන දා සහ 16 වන දා ලාහෝරයේදී යෝග්‍යතා පරීක්ෂණයට ලක් කෙරෙන අතර, අප්‍රේල් 18 වන දා අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ නවක පාකිස්තාන ක්‍රීඩකයන් වන මොහොමඞ් අබ්බාස්, ශාන් මසූඩ් සහ මොහොමඩ් හස්නයින් මෙම සංචිතයට ඇතුළත්.
කෙසේ නමුත්, එක්දින තරඟ ප්‍රවීනයෙකු වූ උමාර් අක්මාල් සහ වහාබ් රියාස් මෙවර පාකිස්තාන ලෝක කුසලාන සංචිතය සඳහා කැදවා නැහැ.
ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිළ මෙහෙය වනු ඇත්තේ සර්ෆරාස් අහමඞ් විසින්.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වන දා සිට එංගලන්තයේ සහ වේල්සයේදී පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් නම් කිරීම අප්‍රේල් 23 වන දා වන විට සිදුකළ යුතු වනවා.